Friday, August 13, 2010

අනේ මන්ද බොලං - බස්ස යි කොස්සයි උකුස්සයි........

මේක ඉතිං අත කහනවට කොටන එකක් එහෙම නෙවෙයි ඕං.
මේක රණේගෙ පුංච් ඔලුවට බරක් නිසයි කොටන්නෙ
රණේ විස්සවිජ්ජාලෙ ඉන්න නිසා නොයෙක් වර්ග වල සත්තු එහෙම මුනගැහෙන‍ව.
කොටින්ම කාරණාවට බහිමුකො ආයෙ වටේ යන්නෙ අහවල් එකටැයි නේද?

කතන්දරේ සත්තු තුන්දෙනෙක් ගැන
1 බස්සා - නිශාචර පක්ෂියෙක්

2 කොස්සා- පුංචි මාලුවෙක්

3 උකුස්සා - හොදට ඇහැ පේන පක්ෂියෙක්

අපේ සිංහල භාෂාව ඉතින් හෙන‍ට දියුණු භාෂාවක් නෙව
ඉතින් ඔය සත්තුන්ටත් ගොඩ බිම වෙසෙන නෑයො ඉන්නව ආයිබොවන්ඩ

මේ ළගකදි රණේට ආරංචි උනා නෙව රණේගෙ ගම පැත්තෙ ඉස්පිරිතාලෙතදි සිස්සයෙක් මැරුණ කියල
ඉතින් මේ  මරණෙට වග කියන්න ඹ්න බස්සෙක් කියල කොස්සො කියන්න ගත්ත
බස්ස නෙවෙයි කොස්සෙක් කියල ගොඩක් වර්ග වල සත්තු කියන්න ගත්ත
දැන් මාර අවුල
ඇත්තටම කවුද?
තීරණය දෙන්න හොදම කෙනා උකුස්සා කියලයි රණේ හිතන්නෙ
මොකද ඉතින් හොදට ඇහැ පේන ඉහලින්ම ඉන්න සතා නෙව.

රණේ බලා ගෙන ඉන්නව උකුස්සගෙ තීරණේ ගැන
ඒත් ඉතින් මැරුණු හාදයා ආයේ එන්නෙ නැ
ඒකයි කණගාටුව
-රණේ-

No comments:

Post a Comment